LOTR වල ඇති බලවත් ආයුධ.[The Powerful Weapons in 'The Lord of the Rings' Universe]
Narsil/Andúril
Wielded by: Isildur, Aragorn
මේක දන්නැති කෙනෙක් නම් ඉන්න විදිහක් නෑ.දන්නැති අය හිටියොත් කියලා කියන්නම් මේ අසිපතෙන් තමයි සව්රොන්ගෙන් මුද්ද වෙන් කල කඩුව නැත්තන් ඉසිදූර් විසින් සව්රොන්ගේ ඇගිල්ල කපාපු කඩුව.ඉතින් ඔයාලා දැනන් ඉදියද මේ අසිපත නිර්මානය වෙන්නෙ පලමු යුගයෙ ටෙල්කාර් කියන දක්ෂ ඩෘවෝෆ් කම්හල් කරුවා අතින් කියලා. ඉතින් ටෙල්කාර් ගෙන් පසුව මේ අසිපත පලමු යුගය තුල අපිට දකින්න ලැබෙන්නෙ නැති නමුත් අපිට බලාගන්න ලැබෙනවා දෙවෙනි යුගයෙදි මේ අසිපත එලෙන්ඩිල් විසින් භාවිත කරනවා.ඉතින් දෙවන යුගයෙ අවසන් සන්ධානයේ ගැටුමෙදි මේ අසිපත කැඩිලා යන අතරෙ එලෙන්ඩිල් රජතුමාගෙ පුතා වුන ඉසිල්ඩූර් විසින් මේ අසිපත භාවිතා කරලා තමයි සෞරෝන් ගෙ බලමුදුව තිබූ ඇගිල්ල කපලා දාන්නෙ.
පසුව මෙහි බිදුනු කොටස් නැවත රිවන්ඩේල් වල එල්රො නම් එල්ෆ් යටතේ ආරක්ෂාකාරීව සංරක්ෂිතව තමබන අතර එය ආයෙ තුන්වෙනි යුගයෙදී ගැලැඩ්‍රියෙල්ගේ අදහස මත මේක නැවතත් රිවෙන්ඩේල් තුල ප්‍රති නිර්මාණය වෙනවා.
Anduril
අන්ඩුරිල් කියන්නෙ උඩ කතා කරපු නාර්සීල් අසිපත ප්‍රතිනිර්මානය කිරීම නිසා ලබාදීපු අලුත් නාමය.ඉතින් මේ අන්ඩුරිල් අසිපතත චිත්‍රපටය තුල පෙන්වනවාට වඩා දිග වන අතර එහි උස අඩි 6ක් පමන යුක්ත වෙනවා..තවත් කාරනාවක් තමා මේ ප්‍රතිනිර්මානය කරපු අසිපත භාවිතා කරලා මලවුන්ගෙ හමුදාවත් ඇරගෝන්ගේ පාර්ශවයට ගන්න සමත් වෙනවා හා එමගින් අම්බාර් වල මුහුදු මංකොල්ලකාර නැව් පමණක් විනාශ කරනවා පසුව ඇරගොන් ඔවුන්ව පොරොන්දුවෙන් නිදහස් කරනවා.චිත්‍රපටය මෙන් ගොන්ඩෝර් වල යුද්දයට මේ Death Army එක සහබාගී වෙන්නේ නෑ.
Sting
Wielded by: Bilbo Baggins, Frodo Baggins
Sting කියන්නෙ The Hobbit පලමු චිත්‍රපටයෙදි බිල්බෝ බැගින්ස්ට හමුවන කුඩා අසිපතයි.මේ අසිපත කව්ද නිර්මානය කරේ කියලවත් කවුරු භාවිත කරාද කියලවත් නම් සදහන් වෙන්නෙ නෑ.නමුත් මේ අසිපත ඉතා සැහැල්ලු ශක්තිමත් ලෙස නිපදවා තිබුනා.මෙහි තිබූ තවත් විශේශත්වයක් තමයි ගොබ්ලින්ස් ලා හෝ ඔර්කයන් ආසන්නයට එන විටම මෙය චිත්‍රපටයේ මෙන් නිල් පැහැයෙන් දිදුලන්න පටන් ගන්නවා.
Black Arrow
Wielded by: Bard the Bowman
මේ බ්ලැක් ඇරොව්ස් එහෙම නැත්නම් කාල හීය නිර්මානය කරන්නෙ එරබෝර් වල ඩෘවෝෆ් ලා විසින්.මොකද මීට පෙර කිහිප වතාවක්ම ඩෘවෝෆ් ලට මේ මකරුන්ගෙන් කරදර වූ නිසා වගේම හදිසි යුද තත්වයකදී වුවද භාවිත කරන්න පිළුවන් නිසා.මේ ඊතල එරබෝර් ආසන්නයේ වූ ඩේල් වලට භාර දීලා තිබුනා.ඒ කාලෙ එහි ප්‍රධානියා වුනේ ගිරියන් නම් මනුස්සයෙක්.නමුත් ස්මෞග් මකරා ඇවිත් ඩේල් නගරය විනාශ කර දැමුවත් මේ කාලහී වලින් පල වුනේ නෑ මේ හීයට මකර කොර පොත්තක් ගලවා දමන්න පමණයි සමත් උනේ.නමුත් තුන්වන යුගයෙ බාඩ් විසින් මේ හිඩැස තුලින් ගැලවුනු කොරපොත්ත තිබුනු තැනට ආයෙ මේ හියකින් විදලා ස්මෞග් ගෙ හම පසාරු කරමින් යැවීමට සමත් වූ නිසා ස්මෞග් ව විනාශ කිරීමට හැකියාව ලැබුනා.
Galadrim
Wielded by: Legolas
Galadrim කියන්නෙ අපි LOTR දෙවන හා තුන්වන චිත්‍රපටවල මෙන්ම පලමු චිත්‍රපටයේදි ගැලැඩ්‍රියෙල් ලෙගොලාස් හට ලබා දුන් සුවිශේශි ත්‍යාගයක් .ලෙගොලාස් විසින් මේ ගලාද්‍රිම් දුන්න භාවිත කර ෆෙල් බීස්ට් එහෙම නැතිනම් නාස්ගුල් මකරෙක්ව වගේම මුමාකිල් ඇතෙක්ව බිම හෙලන්න සමත් වෙනවා.මේ ගලාද්‍රිම් දුන්න නිර්මාණය කරන්නේ සිල්වාන් සුරයන් විසිනුයි.
Glamdring
Wielded by: Gandalf
මේ අසිපතෙ හි මුල් අයිතිකරුව වී සිටියේ ගොන්ඩොලින් රාජ්‍යයේ අධිරජු වූ ටුර්ගොන් ය.මේ අසිපත භාවිතයෙන් වාමනයන් බැල්රෝගයන් විනාශ කර දමන්න මේ ටුර්ගොන් සමත් උනා. මේ අසිපතත් ඕක්‍රිස්ට් හා ස්ටින්ග් ලෙස තලය දිදුලන්න ගත්තද අපිට චිත්‍රපටවල එය දැකින්න ලැබෙන්නේ නෑ.Glamdring අසිපත කියන්නෙ The Hobbit හි දුටු ඕක්‍රිස්ට් අසිපතෙහි නිවුන් අසිපතය කියලත් ෆෑන් තියරි එකක් තියෙනවා.
Orcrist
Wielded by: Thorin Oakenshield
Ocrist කියන්නෙ අපි The Hobbit හි දුටි තෝරීන් හට හමුවූ අනෙක් ග්ලැඩ්‍රින්ග් හා සමග තිබූ අසිපත් වලින් එකක්.මේ අසිත් නිර්මානය වෙන්නෙ ගොන්ඩොලින් දේශයේ කම්හල් කරුවන් අතින් කියලයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.
ගොන්ඩොලින් හි මෙම අසිපත තිබු සමයේදි මෙය භාවිත කරේ සුර අධිපති කෙනෙක් වුන එක්තෙලියන් විසිනුයි.එක්තෙලියන් විසින් යුධ කීපයකට සම්භන්ධ වී ඇති අතර මොහුගේ බටනලා වාදනයට ඔර්කයන් මහත් බියක් දක්වලා තියෙනවා හා මේ අසිපතටතත් ඒ හා සමාන බියක් වාමනයන් තුල තියෙනවා.මේ අසිපතට වාමනයන් විසින් ගොබ්ලින් ක්ලේවර් හා , The Bitter යන නාමයන් හදුන්වනවා. මෙම අසිපත ග්‍රේට් ගොබ්ලින් හදුනාගත් අවස්තාවෙ ඇති වූ බියත් ඔයාල The Hobbit චිත්‍රපටය තුලින් දකින්න ඇතිනෙ.
තෝරීන් ඕකන්ශීල්ඩ් අවසානය වෙනකල්ම මෙය භාවිතා කෙරූඅතර ඔහුගේ මරනයෙන් පසු මෙම.අසිපතද ඔහු සමග ඔහුගේ සොහොනේ තැන්පත් කරනවා.
Ringil
Wielded by: Fingolfin
මේ Ringil අසිපතට වගේම අසිපතෙහි අයිති කරුවගෙ සොහොනටත් වාමනයන් බියක් දැක්වුවා.ඒ මොකද කිවුවොත් මේ අසිපතට හැකිවෙනවා පලමු අදුරු අධිපති මෝගෝත්ට මරනීය වේදනාවන්ගෙන් පුරවන්නට.ඉතින් මේ අසිපතෙහි අයිති කරුවුනේ පලමු යුගයේ නෝල්ඩෝර් සුර අධිපතියෙකු වූ ෆින්ගොල්ෆින්.
පලමු අදුරු අධිපති මෝගෝත් සමග වුන ද්වන්ද සටනකදි ෆින්ගොල්ෆින්ට හැකිවෙනවා.මෝගෝත් ව වේදනාවෙන් කෑගස්සවන්න.සටනෙන් අනතුරුව මෝගෝත් පවා කොර ගසමින් තමයි ඇවිද්දෙ මොකද මේ අසිපතට හැකියාව තිබුනා මෝගෝත්ගේ පාදයේ විලුඹ තුවාල කරන්න.
Grond WarHammer
Wielded by: Morgoth
Grond කියන්නෙ Lotr විශ්වයේ තිබු භයානකම ආයුදය කිවුවොත් නිවැරදියි.මේ අයුධය කෙතරම් භයානකද යත් එයට කතා කරේ Hammer Of Underworld ලෙසය මොකද මෙහි පහරක් එල්ල වෙන්නෙ අකුනක් පතිත වෙන්නාක් මෙන් .ෆින්ගිල්ෆින් හා මෝගෝත් අතර වුන සටනෙදි ෆින්ගොල්ෆින් මේ ආයුදයෙ පහරවල් වලින් බේරී සටන් කරත් අවසානෙදි ඔහුත් මේ පහරවල් තුනකට පමණ හසුවෙනවා.
ඒ වගේම මෝගෝත් ගේ මේ Warhammer එකෙහි ශබ්දය මුලු බෙලේරියන්ඩ් පෙදෙස වගේම ඇන්ග්බෑඩ් බලකොටුව තුල සිටි තමන්ගෙ වාමනයන්වද බියෙන් මුසපත් කරන්න සමත් වෙනවා.
තුන් වෙනි යුගයෙදි මිනාස්ටිරිත් හි ද්වාර විවර කරන්න සෞරෝන් ගෙ හමුදාවන් රැගෙන එන Batterrang එකත් Grond ලෙස නම් කර තිබුනේත් මෝගෝත් ගේ මේ බලවත් ආයුධය මතක් කරන්නයි.
















.jpeg)
Comments
Post a Comment