ඇග්මාර් වල මායා රජුගේ මරණය [Death of the Witch King of Agmar]

 


ඇග්මාර් වල මායා රජුගේ මරනය සිදු උනේ කෙසේද?ප්‍රධාන හේතුව කුමක්ද?

අපි හැමොම දන්නවනෙ Lotr වල අන්තිම film එකේදි  ඇග්මාර් වල මායා රජු Eowyn අතින් මිය යන බව.

මෙතනදි මායා රජු Thioden රජුට පහර දුන් අවස්තාවෙ Eowyn පැමිනෙන අතර මායා රජු Eowyn ගේ පලිහට පහර දෙන අතර එය විනාශ වූ අවස්තාවේ මෙරි මායා රජුගේ කකුලට කිනිස්සකින් අනිනවා.ඊට පස්සෙ Eowyn මායා රජුගේ නොපෙනෙන හිසට කඩුවෙන්  පහර දෙනවා කඩුව බිදී යනවා.මේ අවස්තාවේ තමයි ග්ලෝෆින්ඩේල්ගේ අනාවැකියද සම්පුර්ණ කරමින් මේ මායා රජුගේ අවසානය සිදු වෙන්නේ.

මේ මායා රජුගේ අවසානය සිදු වෙන්න හේතු වුනේ මොකක්ද? මායා රජුගේ මරනය සිදු උනේ කොහොමද?කියල අද බලමු.

මෙතනදි මායා රජුගේ මරණයට බලපෑ ප්‍රධානතම හේතුව වුණේ මෙරීගේ කිනිස්ස. මායා රජු කියන්නේ බොහොම බලවත් කෙනෙක් සෞරෝන්ගේ ප්‍රධාන සේවකයා.ඇත්තටම ඔහු බල මුද්දක් ලබාගත්ත නියුමිනෝර් වල හිටිය රජ කෙනෙක් ඒ කියන්නේ මනුෂ්‍යයෙක්.මනුෂ්‍යයෙක් නම් අනිවාර්යෙන් මැරෙන්න ඕනේ මොකද අමරණීය වෙන්නේ නැති නිසා.හැබැයි සෞරෝන් මොහුගේ ආත්මය බන්ධනයකට ලක් කරනවා.ඒ තමයි ඔහුගේ ආත්මය මියගියත් මේ මද්‍යම පෘථිවියෙන් පිටව යන්නේ නෑ.ඇත්තටම ඔහුගේ ආත්මය පොළොවට බන්ධනය කරා කියලා තමයි සඳහන් වෙන්නේ.ඒ වගේම ඔහු වටේ මායා වළල්ලක් මෙන් ආරක්ෂාවක් තිබුණා ඔහු සමග සටන් කර ඔහුට පහර දීමට එන ඕනෑම අසිපතක් විනාශ වුණා මේ නිසා කිසිම සාමාන්‍ය ආයුධයකින් ඔහුව පසාරූ කිරීමට නොහැකි වුණා.ඒ වගේම පහර දෙන්න ආපු හැමෝටම විෂ ශරීර ගත වුණා.මේ විෂ සාමාන්‍ය විෂයකට වඩා මාරාන්තික විෂක්.මේ වගේ බලවත් මායා රජුට තමයි Eowyn හා මෙරී පහර දීලා විනාශ කරන්නෙ.

මායා රජු මිය යන්න මෙතනදී ප්‍රධානම හේතුව වෙන්නේ. මෙරිගෙ කිනිස්ස.ඒ කිනිස්ස නිකම්ම නිකං කිනිස්සක් නෙවෙයි. කාලයකට ඉහතදී කාඩෝලන් රාජ්‍යයේ තමයි මේ කිනිස්ස නිපදවන්නේ.

කාඩෝලෙන් රාජ්‍යයේ මේ කිනිස්ස නිපදවන්න හේතුවක් තිබුනා.මායා රජු ආනෝර් දේශයට පහරදීමෙන් පසුව පහර දුන්නේ මේ කාඩෝලන් රාජ්‍යයට තමයි.මේ කාඩෝලන් දේශයට පහරදීමට මායා රජු එව්වා විවිධ සත්ත්වයින් වාමනයන් සහ මිනිසුන් විතරක් නෙවෙයි.ඊට අමතරව අදුරට අදාල නොමල විවිධ ආත්මත් එව්වා. මායා රජු කාඩෝලන් වලට පහරදීමට එව්ව ආත්මවලට පහර දීමට කාඩෝලන් වලදී නිපදවනවා විශේෂ කිනිසි වර්ගයක් මායා රජු එව්ව හමුදාව සමග සටන් කරන්න තමයි මේවා නිපදවන්නේ මේ කිනිස්සට හැකියාව තියෙනවා බන්ධනයන් බිදින්න හා නොපෙනෙන ලෝකයේ සිටින අයට පහර දෙන්න.නමුත් මේ කිනිසි හැදුවත් මායා රජුගේ දරුණු ප්‍රහාර හමුවේ මේ රාජ්‍ය බිඳ වැටෙනවා.නිපදවපු කිනිසි වලින් හතරක් විතරයි ඉතුරු වෙන්නෙ.ඒවා කාඩෝලන් රාජ්‍යයේ අවසන් රජ කුමාරයාගේ සොහොන ඇතුලෙ තැම්පත් කරනවා.මේ සොහොන පිහිටලා තිබුනේ Barrow Downs වල.

මේ කිනිස්ස මෙරීට හම්බෙන විදිහ Lord Of The Rings Film බලපු අය විතරක් නම් දන්නෙ නෑ.අපේ කුරුමිට්ටො හතර දෙනා ශයර් වලින් පිටත් උනාට පස්සෙ ටොම්බොම්බඩිල්ගේ නිවසට ඇවිල්ල පස්සෙ පැරණි වනය පහු කරලා ඔවුන් බ්‍රී වලට යන අතර මගදි මෙයාලා Barrow Downs හරහා යනවා Barrow Downs වල ඉන්නවනෙ බූතාත්ම කාලයකට ඉහතදී මායා රජු එවපු බූතාත්ම මේ බුතාත්ම අපේ හොබිටලා හතර දෙනාව අල්ලගෙන සොහොන් ගැබක හිර කරනවා මේ සොහොන් ගැබ තමයි අර රජ කුමාරයාගේ සොහොන් ගැබ. මේ වෙලාවෙදි ෆ්‍රෝඩෝට හැකි වෙනවා  ටොම්බොම්බඩිල් ගෙන් උදව් ඉල්ල ගෙන බුතාත්ම(Barrow Whites) පලවා හරින්න.ඉන් පසුව ටොම්බොම්බඩිල් අපේ කුරුමිට්ටො හතර දෙනාව අර සොහොන් ගැබෙන් බේරගන්න වා.මෙන්න මේ අවස්තාවෙ තමයි ටොම්බොම්බඩිල් සොහොනෙ තිබුනු කිනිසි හතර අරගෙන හොබිට්ල හතර දෙනාට දෙන්නෙ.මේ කිනිස්සකින් තමයි මෙරි මායා රජුට අනින්නෙ.ඒ කිනිස්සෙන් සෞරොන් මායා රජුට කර තිබූ බන්ධනය බිදිලා යනවා.මයා රජු හා පොළොව සමග කර තිබූ බන්ධනය බිඳිලා යනවා හා සාමාන්‍ය ආයුධයකින් මායා රජුව විනාශ කිරීමට නොහැකි යන බලය නැති වෙලා යනවා.ඒ වෙලාවෙ තමයි Eowyn මායා රජුගේ නොපෙනෙන හිසට කඩුවෙන් අනින්නෙ ඒ පහරත් එක්ක තමයි මේ මායා රජුගේ අවසානය සිදු වෙන්නෙ.ඒත් සමගම ග්ලොෆින්ඩේල්ගේ අනාවැකියද සම්පුර්ණ වෙනවා.

#sachithaloka


Comments