අර්දාව නිර්මාණය කිරීමට පෙර


J.R.R.Tolkien විසින් ඔහුගේ පොත් වලින් වෙනමම ලෝකයකට ඔහුගේ පොත් කියවන්නන්ව අරගෙන යනවා කියලා අපි දන්නවනෙ. 

Lord Of The Ring හා Hobbit කතා මාලා දිග හැරෙන්නේ ඔහු නිර්මාණය කල එම ලෝකයේ තෙවන යුගය පාදක කර ගනිමින් වන අතර Rings Of Power සීරීස් එක තුලින් ගොඩනැගීගෙන යන්නේ Tolkien ගේ ලෝකයේ දෙවන යුගය පාදක කරගනිමින්ය.නමුත් මේ කතා මාලා තුලින් දිගහැරෙන්නේ එම යුගවල සිදුවූ සිදුවීම්වලින් සුළු ප්‍රමාණයක් විතරයි නමුත් Tolkienගේ පොත් වලින් ඉතා සුන්දරව ඔහු නිර්මාණය කල ඒ ෆැන්ටසි ලෝකය පිලිබදව ඉදිරිපත් කරනවා.ඒ ලෝකය නිර්මාණය උන තැන ඉදලාම මේ කතාව ඉදිරියට ගලාගෙන යනවා.ඉතිං අපි අද කතා කරන්නේ මේ ලෝකය නිර්මාණය වෙන්න කලින් සිද්ද උන සිදුවීම් එහෙමත් නැත්නම් පලමු යුගයට පෙර අර්දාව නිර්මාණය වීමටත් පෙර කෙටියෙන්ම කියනවනම් විශ්වය බිහිවීමටත් පෙර ඒ සුන්දර කතාව ගැන.


මේ කියන්න යන්නේ අපි කව්රුත් දන්න LOTR කතා මාලාව අයත් යුගයට පෙර ඈත අතීතයේ සිදු වූ කතාවක් ගැන.මීට අව්රුදු ගනනාවකට කලින් Barad Dur බලකොටුව එහෙමත් නැත්නම් අපි කව්රුත් දන්නා මෝඩෝර් රාජ්‍යය විනාෂ වෙලා සව්රොන් විනාශ වෙලා තුන් වන යුගය අවසන් වෙනවා හා ඇරගොන් ගොන්ඩෝර්වල රජ වෙලා රජවරුන්ගේ යුගය නැත්නම් හතරවන යුගය ආරම්බ වෙනවා.


ඊටත් වසර 3021ට පෙර සව්රොන්ව ඉසිල්දූර් පරාජය කර මද්‍යම පෘතුවියේ දෙවන යුගය අවසන් වී තෙවන යුගය ආරම්භ වෙනවා.එම සිදුවීමටත් වසර 3441ට පෙර මහා යුද්දය හෙවත් The War Of Worth නමින් ඉතිහාසයේ සිදුවූ බයානකම විශාලම යුද්දය ඇතිවෙනවා.වැලාර් වරු මිනිස්සු,සුරයෝ,කුරුමිට්ටෝ යන සේරම මෝගෝත් එහෙමත් නැත්නම් මෙල්කෝර් නම් පළමු අදුරු අදිපතියාට එරෙහිව සටන් කරනවා මේ සටනෙදි මැල්කෝර් පරාජය වෙනවා මේ සිදුවීමත් සමග මද්‍යම පෘතුවියේ පළමු යුගය අවසන් වෙනවා.පළමු යුගය පටන් ගන්නේ සූර්‍යාගේ පහල වීමත් සමග මේ කාලයට කියන්නේ සූර්‍යාගේ වර්ශය කියලා.සූර්‍යා පහල වීමට පෙර මද්‍යම පෘතුවිය ආලොකමත් කරේ ශාකයන් දෙකක් මේ කලය හදුන්වනවා Years Of The Trees.ඊටත් පෙර Years Of The Lamps. මෙම කාලයේදී පෘතුවිය හැදින්වුනේ සුරයන්ගේ බාශාවෙන් Arda කියන නමින්.මෙම අර්දාව බිහි වීමට පෙර තමයි බිහි වෙන්නේ Eya එහෙමත් නැත්නම් විශ්වය.ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ Ea නිරමාණය වීමටත් පෙර යුගය ගැනයි.


මුලින්ම තිබුනේ Time Less Hall නැත්නම් කාළ අවකාශයෙන් තොර විශාල ශාලාව මෙකෙ කෙනෙක් ජීවත් උනා ඔහු තමයි එරු නැත්නම් නිර්මාපකයා ඔහුව අපි හදුන්වන්නේ Eru Iluvatar ඔහු තමයි සියල්ලේ මැවුම්කරු Time Less Hall එකත් ඔහුගේ නිර්මාණයක්.මේ Time Less Hall එකේ හිස් බව තනිකම පරිලා තිබුනා එම නිසා Iluvatar විසින් ඔහු සතුව තියෙන විශේශ ජීවය නිපදවීමේ ශක්තිය බාවිතා කරලා Ainur ලව නිර්මාණය කරලා Iluvatar ඔවුන්ට සංගීතය උගන්වනවා.

අයිනූර් වරුන්ගෙ සංගීතය

මුලින්ම අයිනූර් වරු තනි තනිවම ගායනා කර පසුව කණ්ඩායම් වශයෙන් සියලුදෙනාම එකතු වෙලා ගායනය ආරම්බ කරනවා නමුත් එක අයෙක් මේ ගායනය කඩාකප්පල් කරනවා ඔහු තමයි Iluvatar මවපු අයිනූර් ලගෙන් බලවත්ම කෙනා උනු මැල්කෝර් ඔහුට ඔනා වෙනවා Iluvatarට තියෙන ජීවය නිපදවීමේ ශක්තිය සොයාගෙන ඔහුගේම නිර්මාණයන් කරන්න නමුත් ජීවය නිපදවීමේ හැකියාව තියෙන්නේ Iluvatarට පණයි.අවසානයේ මේ සංගීතය Iluvatar විසින් නවත්වා නව සංගීතයක් අරබනවා මේ ගායනයත් මැල්කෝර් විනාශ කරපු නිසා Iluvatarට තරමක් කේන්ති ගොස් තම ආසනයෙන් නැගිට තෙවන වරටත් නව සංගීතයක් අරබනවා නමුත් මෙවරත් මැලොකෝර් බාදා කිරීම නිසා Iluvatar විසින් මැල්කෝර්ට දෝශාරෝපණය එල්ල කරනවා එයින් කොපයට පත් මැල්කෝර් අන්දකාරයේ ඇතටම ගමන් කරනවා.
මේ අතර Iluvatar විසින් අයිනූර්ලට ඔහුගේ සංගීතය තුලින් Iluvatarගේ බලාපොරොත්තුව උන ලෝකය බිහි කිරීම ගැන පැහැදිලි කර අයිනූර්ලට වෙන වෙනම කාර්‍යයන් පවරනවා.මෙහිදී වැඩියෙන්ම ශක්තිසම්පන්න අය Valar වරු ලෙසත් ශක්තිය අඩු ඉතිරි අය Maiar වරු ලෙසත් අයිනූර් වරු කොටස් දෙකකට බෙදෙනවා. Iluvatar විසින් මෙහිදී  නම් කරනවා ජලයට අදිපති උන Ulmoව ඔහු තමයි සාගරය නිර්මාණය කරන්නෙ ඉන් පසුව Iluvatar නම් කරනවා වාතයට හා සුලගට අදිපතියා උන Manwe ඔහු තමයි වැලාර් වරුන් අතරින් ශක්තිසම්පන්නයා හා වැලාර් වරුන්ගේ රජු.ඉන් පසුව Ea හෙවත් විශ්වය නිර්මාණය කිරීම Iluvatar විසින් සිදු කර සියලුම අයිනූර් වරුන්ට විශ්වයට යන ලෙස පවසනවා නමුත් තමුන්ට අදාල කාර්‍යය සම්පුර්ණ කරන තෙක් නැවත පැමිණිය නොහැකි ලෙස පවසනවා.මෙන්න මේ Valar හා Maiar වරු එකතු වෙලා තමයි අර්දාව හෙවත් පෘතුවිය නිර්මාණය කරන්නේ.

Comments