අයිනූර් වරුන්ගේ සංගීතය Music Of Ainur - [Ainulandale]

  


කාල අවකාශයෙන් තොර ශාලාවක සිටියා එරු නොහොත් ඉලුවතාර් නම් දෙවි කෙනෙක් ඔහුව හදුන්වනවා නිර්මාපකයා කියලා. මහාබලසම්පන්න දෙවි කෙනෙක්.මොහු සිටියේ කාලය ගත නොවෙන අකාලික මැදුරක.ගනන් කර නොහැකි තරම්.කාලයක් මොහු මෙහි තනිවම ගත කරනවා.මෙහි ඇති කම්මැලිකම දුරු කරගැනීමට මොහුගේ ජීවය ඇති කිරීමේ අග්නිය භාවිත කොට මොහුගේ සිතුවිලි වලින් ජීවීන් නිර්මානය කරනවා.ඔවුන් අපි හදුන්වනවා අයිනූර් යන නාමයෙන් (Ainur) විදියට හදුන්වමු.


මෙතනදි එරු විසින් සංගීතයක තනුවක් ගායනා කරනවා.මෙයට අයිනූර් ලත් ගායනයෙන් සහභාගී වෙනවා.මෙම ගීතය අයිනූර් වරු කන්ඩායම් විදියට හා තනි තනිව එක්ව ගායනා කරන්න වුනා.ඒ අතර තුර මෙම සංගීතයට බාදාකරමින් ඝෝශාකාරී සංගීතයක් මතුවෙන්න ගත්තා.මෙහි උච්චතම අවස්තාව වන විට එරු විසින් මෙය නතර කරනවා.එරු විසින් නැවත නව තනුවක් ගායනා කරන්න ගන්නවා.මෙයටත් පෙර සේම ඝෝශාකාරී වාදනය එකතු වෙනවා.මෙවර එරු විසින් තමන්ගෙ දකුනු හස්තය ඔසවා එම ගායනය නතර කොට තවත් ගායනයක් පටන් ගන්නවා.මෙවරත් මේ ඝෝශාකාරී සංගීතය පටන් ගත්තා.මෙවර එරු විසින් නැගී සිට


"මෙල්කෝර් අයිනූර් වරුන් අතරින් බලසම්පන්න නුඹ වෙන්න පුලුවන් එහෙත් නුඹ මතක තබා ගන්න මා එරු නොහොත් ඉලුවතාර් බව."


මෙම සිදුවීම.නිසා කෝපයටත් ලැජ්ජාවටත් පත් වුන මෙල්කෝර් මේ කාලයේන් තොර ශාලාවෙ තනියම ඇවිදින්න ගන්නවා.මොහු Flame Impreshable නොහොත් ජීවිය නිර්මානය කිරීමේ අග්නි ප්‍රබවය සොයා යනවා.නමුත් මෙල්කෝර්ට එය හමුවෙන්නෙ නෑ.එරු පසුව කියනවා Flame Imperishable යනු ඔහුමයි කියලා.


මෙල්කෝර් මේ කාලයේ නිමක් නැති ශාලවේ ඇවිදින අතර තුර කාලය ගත කරමින් සිටියදී එරු ඉලුවතාර් විසින් අයිනූරය්න්ට පෙන්නන්වා ඔවුන්ගෙ ගායනයන්ගෙ ප්‍රතිපල ලෙස නිර්මාණ වී ඇති Ea නැත්නම් විශ්වය හා Arda නැත්නම් මද්‍යම පෘථිවිය.


අර්දාව නිර්මාණය කිරීමට පෙර.

Comments