Yers Of Trees ආලෝක වෘක්ෂයන් නිර්මාණ.[Create light trees]
පළමු අඳුරට අධිපති යන නමින් හදුන්වන මෝගෝත් විසින් මුලින්ම අර්ධාව (ලෝකය) ආලෝකමත් කෙරූ ආලෝක කුළුණු විනාශ කිරීමෙන් පසුව අර්දාවම අන්ධකාරය විසින් වෙලා ගත්තා.පසුව අන්ධකාරයේ පැවති අර්ධාවේ වැලාර්වරුන්ගේ වාසස්ථාන ලෙස ඔවුන් තෝරාගන්නේ වැලිනොර් හි පිහිටී Ezellohar නම් තණ භුමියයි.ඉන් පසු මේ බූමියේදි වැලාර් වරියක් වූ යවානා විසින් ගීයක් ගායන කරන්න පටන් ගන්නවා.එම අවස්ථාවේදී මුළු පරිසරයම දැඩි නිහඩතාවයකින් යුක්ත උනා හැමෝම මේ ගීයට සවන් දුන්නා. මේ අතර තුර නියෙන්නා නම් වැලාර්වරිය තම කඳුළු වලින් ඒ තණ භුමිය තෙත් කරනවා. යවානාගේ ගායනයෙන් සහ නියෙන්නාගේ කදුලුවලින් පෝෂණය වූ එම තණ භූමිය තුලින් සිහින් කදන් දෙකක් එසවෙන්නපටන් ගන්නවා.ඒ සිහින් කදන් දෙක මහ විශාල අලංකාරවත් වෘක්ෂ දෙකක් බවට පත්වන තුරුම වර්දනය වෙනවා.
ඒ ශාකයන් දෙකනම් නමින් ටෙල්පැරියන් (Telperion) සහ ලෝරියන් (Laurelin) නම් විය.මේ තමයි වැලිනෝරය ආලෝකමත් කල ආලෝක වෘක්ෂ දෙක.. අන්ධකාරය වෙලාගත් වැලිනොර් දේශය නැවතත් මේ වෘක්ෂ මගින් අදුර පරදවා ආලෝකයෙන් ආලෝකමත් කරනවා.මෝගෝත් විසින් මෙම ශාක විනාශ කර ඉර හද පහල වෙන තුරු වැලිනෝරය ආලෝකමත් උනේ මේ ශාක දෙකෙනුයි.
ROP පටන් ගද්දි මේ දර්ශනය දකින්න පුලුවන්....


.jpeg)
Comments
Post a Comment