ROP එකෙන් මොකක්ද මේ ගලාද්‍රියෙල්ට කරේ....
🥲මම පෞද්ගලිකවම ආස චරිතයක් තමයි ගලාද්‍රියෙල්.මට ROP බලද්දි හිතුනෙම මේක හදලා තියෙන්නෙ චරිත ඝාතනය කරන්නද කියලා වගේම ටෝල්කින්ගේ විශ්වය උඩු යටිකුරු කරන්නද කියලා.එතරම්ම මේ කතාව විකෘතී කරලා වගේම ගලාද්‍රියෙල් කියන චරිතය සුපිරියටම විකෘති කරලා තියෙනවා.
💫Rings Of Power හි ප්‍රධාන චරිතයක් ලෙස පෙනීසිටින ගලාද්‍රියෙල් චරිතය ගැන කිව්වොත්.
👉Alatáriel, Artanis, Nerwen යන නාමයන්ගෙන්ද හදුන්වන්නෙද ඇයවමයි.Lotr වල දකින්න ලැබෙන ලොත්ලොරියන් වල රැජින හා කෙලෙබෝන්ගේ බිරිද වන්නෙද ගලාද්‍රියෙල්.
👉තුන්වන යුගය වන විට මද්‍යම පෘථිවිය තුල සිටින සියලුම එල්ෆ්ලා අතරින් බලවත්ම එල්ෆ් විදියට හදුන්වන්න පුලුවන්.
👉ඇය නෝල්ඩෝර්හි කුමරු වන ෆිනාර්ෆින්ගේ සහ ටෙලේරි කුමරිය වන එර්වෙන්ගේ දියණියයි. Galadriel Finarfin සහ Eärwen ගේ එකම දියණිය සහ ඔවුන්ගේ බාල දරුවා විය. ඇයට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් සිටියහයා.
i. ෆින්රොඩ් ෆෙලගුන්ඩ්
ii. ඇන්ග්‍රෝඩ්
iii. ඊග්නෝර්.
👉එමෙන්ම එල්රොන්ඩ් පසුකාලිනව විවාහ වන Celebríanගේ මවද ඇරගොන් විවාහ වෙන අරේවන්ගේ මිත්තනිය (ආච්චි) ද විය.ඒවගේම නෙන්‍යා නම් මුදුව දරන්නේද ඇයයි..
👉👉👉 දැන් බලමු ROP කෝමද මේ ගලාද්‍රියෙල් කියන චරිතය විකෘති කලේ කියලා.
👉 ටෝල්කින් ග්‍රන්ථ වල විස්තර කරලා තියෙන විදිහට පළමු යුගයට පෙර ඉදන් වැලිනෝරය තුල ජීවත් වූ ඇය මද්‍යම පෘථිවියට පැමිණෙන්නේ ආලෝක වෘක්ෂයන් මෝගෝත් හා උන්ගෝලියන් නම් මකුළුවා විනාශ කර සිල්මරිළුද රැගෙන මෝගෝත් මද්‍යම පෘථිවියට පැමිනීමෙන් පසුවය. පලමු යුගයටම පෙර සිට ජිවත් වුන ඇය (Years of the trees කාලය තුල එනම් පලමු යුගයට පෙර යුගයයි.) පළමු යුගයේ මෙලියාන් නම් මයාර් වරිය යටතේ ජිවත් වනවා .
👉ගිල් ගලාඩ්, කෙලෙබ්‍රිම්බෝර්, එල්රෝන්ඩ් යන කාටත් වඩා වයසින් වැඩි වන අතර සියලු දෙනා උපදෙස් පතා යන්නේ ඇය ලගටයි.
👉නමුත් ROP බලද්දි අපිට පේන්නේ ගිල් ගලාඩ් හට ඕන විදියට ඔහුගේ උපදෙස් මත කටයුතු කරන ගලාද්‍රියෙල් නම් චරිතයයි.
ඒ වගේම මේ ගලාද්‍රියෙල් නම් චරිතය කෙතරම් පහලට දාලාද කියනවනම් එල්රොඩ් බුද්දිමත් ඇයට වාඩා කියන තරමට වගේම තමන් අන දෙන සෙබලුන් පවා ගලාද්‍රියෙල්ට උපදෙස් දෙන හා ඇය පිලිනොගන්න තත්වයට දාලා තමා ROP හදලා තියෙන්නෙ.
👉 සෞරෝන් එරෙගියොන් වලට ආවම මුලින්ම සැක කරන්නේ ගලාඩ්රියල් සහ ගිල් ගලාඩ්. බලමුදු ප්‍රශ්නයේදී වුවත් කෙලෙබ්‍රිම්බෝර් ඇයගෙනුයි උපදෙස් ලබන්නේ. මෙකලයේ ඇය සිටින්නේ ලොත්ලොරියන් වලයි...
👉නමුත් ROP බලන කෙනෙක්ට ඇයව හඳුන්වා දෙන්නේ දගකාරකම් කරමින් හැසිරෙන උඩගුකම සහ හිතේ ඇති වෛරය නිසා කිසිවක් හරිහැටි අවබෝධ නොකර හැසිරෙනා තරුණ කාලයේ ඔහේ පාවෙමින් සිටින බුද්දිමත්ව තීරණ නොගන්නා කෙල්ලෙක් ලෙසයි. ඇය නිසයි සෞරෝන් නියුමෙනොර් වලට, එරෙගියොන් වලට ගමන් කරන්නෙත්.ඉතින් මේවා ඇවිල්ලා ROP Writers ලගෙ තියරි තමා.
👉👉ඉතින් ඔය සීරීස් එකෙ පෙන්නන ගලාද්‍රියෙල්ට වඩා පොත් වල චරිතය මාරම එකක්.
👉මම සීසන් 1 එක බලද්දිම හිතුනා මල ජරාවක් කියලා.ඒකට හේතුව පොත් වල කතාව දැනගෙන සිටීම වෙන්න පුලුවන්.හැබැයි මම හිතනවා පොත් වල තියෙන කතාව නොදන්න අයට ඔය සීරීස් එක මාර ලස්සන ඇති කියලා වගේම ඒක සාදාරනයි.හැබැයි මම ඒ අයට කියනවා කැමතිනම් පොත් කියවන්න කියලා.මොකද සීරීස් එකට වඩා ගොඩක් ලස්සන කතාවක් මේක.
👉ඉතින් තව දෙයක් කියන්නම් සීරීස් එකේ පෙන්නන විදියට ගලාද්‍රියෙල්ගේ අයියා මිය යන්නෙ සව්රොන් දඩයම් කරන්න ගිහින් නෙමේ......


.jpeg)
Comments
Post a Comment