Goldberry Lady of River
"Goldberry was as beautiful and youthful as an Elf-Queen, with long yellow hair that rippled down her shoulders, fair skin, a clear voice that was as young and as ancient as Spring, like the song of a glad water flowing down into the night from a bright morning in the hills, and she moved with a slender grace that delighted those who observed her.”
Tolkienට අනුව Goldberry ව නිර්මාණය වෙලා තියෙන්නෙ ගංගා ආශ්‍රිත ප්‍රදේශ වල සෘතු වෙනස් වීමේ සංසිද්ධිය මූලික කරගෙන කියලා තමා කියන්නෙ.
Middle Earth වල ජීවත් වුන අත්භූතම ජීවීන් ලෙස අපිට Goldberry සහ Tom Bombadil ව හදුන්වන්න පුලුවන්.මෙයාලා මොන විදිහෙ ජීවීන්ද කියන එක තේරුම් ගන්න එක පවා ලොකු ගැටලුවක් වෙලා තමයි තියෙන්නෙ. Goldberry ව Withywindle නදියෙ ජීවත් වුන ජල ආත්මයක් විදිහටBuckland හොබිට්ටන් විසින් නිර්මාණය කරන ලද කාව්‍යයක් වුන "The Adventures of Tom Bombadil" හී හදුන්වනවා දීලා තියෙනව. විනෝදයට මිනිසුන්ව ගඟට ඇදගෙන ගිය දඟකාර ආත්මයක් ව්දියට තමයි හොබිට්ටන් එක කාව්‍ය තුල හදුන්වනවා දීලා තියෙන්න.
ඉතින් දවසක් මෙයා කුඩා Withywindle නදිය අසලට ආපු Tom Bombadil වත් මේ විදිහට රැවුලෙන් අල්ලල ගඟ පතුලට ඇදගෙන අරන් යනවා. කොහොම නමුත් බොම්බඩිල් මෙයාට අණ කරලා කියනවා තමන්ව නිදහස් කරන්න කියලා.
මේ විදිහට Goldberry ගෙන් බොබඩිල් බේරිලා ගයත් Bombadil පහුවදාත් ගඟ ගාවට ඇවිත් Goldberry ගෙ මෑණියන් වුන "River-Woman" නමින් හැඳින්වෙන කාන්තාවගෙන් Goldberry ව බොම්බඩිල්ගේ බාර්‍යාව ලෙස ඉල්ලා සිටිනවා.ඉතින් මෙයත් කිසිම පැකිලිමකින් තොරව Bombadil ගෙ යෝජනවට එකපයින්ම කැමති වෙනව.මම උඩ කියපු හොබිට්ටන් ලියූ කාව්‍යයේ පැවසෙන අන්දමට මේ දෙන්නගෙ විවාහය සිදු උනේ පැරණි වනයේ ජීවත් වුන හැම සත්වයෙක්ම සහාබාගිත්වයෙන් තමයි.
Goldberry කියන්නෙ මානෙල් (Water-Lillies) වලට ඉතාම ඇලුම් කරපු චරිතයක්. ඉතින් Tom Bombadil හැම ගිම්හානයකම Withywindle නමින් හදුන්වන නදියට ගිහින් තමන්ගෙ බිරිඳ වෙනුවෙන් මානෙල් මල් කඩාගෙන එන්න පුරුදු උනා. මේ වගේ මානෙල් කඩන්න ගිය අවස්ථාවකදිම තමයි Bombadil ට Barrow Downs වලදී ෆ්‍රෝඩෝ සහ යාලුවන්ව මුණ ගැහෙන්නෙ.
ඒ හම්බුන හොබිට්ටන්ව Bombadil එයාගේ නිවසට ගෙනියපු වෙලේදී තමා හොබිට්ටො මුල් වතාවට Goldberry ව දැක්කෙ. මෙයා Elf රැජිනක් කියල හොබිට්ටො ටික රැවටුනත් එක්ක. මෙ හොබිට්ටන්ට අනුව නම් අනුව Goldberry කියන්නෙ බොහොම සුන්දර සහ ශාන්ත චරිතයක්. Goldberry ගෙ කඬහට මෙයාලට දැනුනෙ "සතුටින් ඉපිලෙන ජලදහරාවක් කඩාවැටෙනව වගේ" කියල තමා Fellowship of the Ring පොතේ විස්තර කරන්නවා වගේම Goldberry විසින් ගායනා කරපු ගීත වලින් හොබිට්වරුන්ගේ සිත් තුල ගංගා සහ පොකුණූ පිලිබඳ සිතුවිලි හටගත් බවද සදහන් වෙනවා.




.jpeg)
Comments
Post a Comment