එලෙන්ඩිල් හා ගිල්ගලාඩ්ගේ සන්ධාන ගත වීම.

 


අවසන් සන්ධානයේ මහා සටන සඳහා නෝල්ඩෝර් මහරජ ගිල්ගලාඩ් ඇතුළු එල්ෆ් හමුදාවන් සහ එලෙන්ඩිල් මහරජු ප්‍රමුඛ මනුශ්‍ය හමුදාවන් අමොන්සුල් මුරකුළුන අභියසදී සන්ධාන ගතවන ලදී. පසුව මෙයට ඩුරින් වංශයේ ඩුවෝෆ් වරුන්ද එක්වන ලදී. මෙහිදී මේ සන්ධානයේ සියලු දෙනාම දිවුරුමකින් බඳින ලද අතර මේ දිවුරුම එරුගේ නම සම්බන්ධ කරගන්නා ලදී. සාමාන්යෙන් දිවුරුම්වලට එරුගේ නම සම්බන්ධ නොකරනු ලබයි.


මෙසේ සන්ධාන ගතවී මේ සියලු හමුදාවන් ඉම්ලාද්රිස් දෙසට දෙවෙනි යුගයේ 3431 වසරේදී පමණ ගමන් ගත් අතර එහිදී කදවුරු බැඳ වසර තුනක් සිටින ලදී.එම කාලය තුල හමුදාවන්ට අවශ්ය සන්නාහ සහ කඩු දුනු ආදිය නිමවීම සිදු කරන ලදී.

Comments